නිවසත් කොල්ලකාලා ගෙහිමියා උඩතට්ටුවෙන් බිමට තල්ලුකරලා

null

හපුතලේ, බෙරගල – කොස්ලන්ද මාර්ගයේ ග්‍රීන් පාක් ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමට පැමිණි පුද්ගලයින් පිරිසක් එහි හිමිකරු නිවසේ පළමු මහලෙන් බිමට තල්ලූ කර ඝාතනය කර තිබේ.

හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොල්ලයක් සඳහා මෙම නිවසට ඇතුළු වී ඇත්තේ ඊයේ අලූයමයි. එහිදී නිවසේ හිමිකරු මොවුන් සමඟ පොර බැඳ ඇති අතර, පසුව කොල්ලකරුවන් මෙම පුද්ගලයා තෙමහල් නිවසේ පළමු මහලෙන් බිමට තල්ලූ කර තිබේ.

එහිදී බරපතළ තුවාළ ලැබූ අදාළ පුද්ගලයා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මියගොස් ඇත්තේ එම නිවසේ තනිවම පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තනිවම අදාළ නිවසේ ජීවත්ව ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>