නිවස ඉදිරිපිට ගල්බැම්ම කඩාවැටී පාසල් සිසුවෙකු මරුට

null

නාවලපිටිය – බහුවාගම – ඉඹුල්පිටිය ප්‍රදේශයේ පාසල් ඇරී නිවසට පැමිණෙමින් සිටි සිසුවෙකු නිවස ඉදිරිපිට පිහිටා තිබූ ගල් බැම්මකට යටවී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය – කදිරේෂන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ 9 හැවිරිදි පාසල් සිසුවෙක්.

සිසුවා පාසැල හැරී පස්වරු 3.30 ට පමණ නිවසට පැමිණෙන අවස්ථාවේ නිවසට පිවිසෙන පියගැට පෙළත් සමගම ගල් බැම්ම ගැලවීගොස් ඊට යටවී තිබේ. ප්‍රදේශවාසීන් එක්ව සිසුවා ගොඩගෙන රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටිබව නාවලපිටිය පොලීසිය පවසයි.

ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ බැම්ම පිහිටා තිබූ පස් තට්ටුව බුරුල් වී පහළට ඇද වැටී ඇති බව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>