නිවේදකයාගේ අතපසුවීමෙන් විශ්ව රූ රැජින මාරු වූ හැටි – Video
අමෙරිකාවේ ලාස් වෙගාස් නුවරදී නිමාවූ විශ්ව රූ රැජින (Miss Universe) තරගාවලියේ නිවේදකයා වූ ස්ටේවී හාර්වේ (Steve Harvey) අතින් සිදුවූ වැරදීමකින් කිරුළේ ජයග්රහණය අනුශුරතාව දිනු කොළොම්බියානු සුරූපිනියට ලබා දී තිබේ.
ඒ අනුව 2014 විශ්ව රූ රැජින වන පොලිනා වෙගා විසින් 2015 විශ්ව රූ රැජිනට හිමි සමරු පටිය සහ කිරුළ කොළොම්බියානු රූ රැජින වූ එරිඞ්ගා ගැටීරෙස් හට පලඳවා තිබුණි.
කෙසේ වෙතත් ඊට සුළු මොහොතකට පසුව සියළු දෙනාගෙන් සමාව ගත් නිවේදකයා වරද නිවැරදි කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව කිරුළට නියම හිමිකාරිය වන පිලිපීන රූ රැජින වන පියා ඇලොන්සෝ හට කිරුළ පලඳවා තිබුණි. මේ අනුව 2015 විශ්ව රූ රැජින ලෙස පිලිපීන රූ රැජින අභිසෙස් ලබා තිබුණේ රැස්ව සිටි සැමගේ සිත් කළඹමින් සහ දෙනෙත්වලට කඳුළු එකතු කරමිනි.
කෙසේ වෙතත් මෙහිදී කොළොම්බියානු සුරූපිනියට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ද බොහෝදෙනාගේ විවේචනයට ලක්ව තිබුණි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්…