නිළියන්ගේ නිරුවත් ඡායාරූප පළ කළ අය අමාරුවේ වැටෙයි

hollywood

බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම සිද්ධිය දැඩි අවධානයට ලක්වුයේ හොලිවුඩ් ඔස්කාර් සම්මාන ලාභී ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප පෙළක් හැකර්වරයෙකුගේ අතට පත්වීමෙන් පසු ඔහු එම ඡායාරූප ඇති විශාල පිරිසකට නැරඹීමට අන්තර්ජාලය ඔස්සේ ඉඩ සැලසීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.

මෙම තර්ජනයත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති.

එවැනි බ්ලොග් රචකයෙකු වන පෙරෙස් හිල්ටන් (Perez Hilton) ජෙනිෆර් ලෝරන්ස්ගෙන් සහ වික්ටෝරියා ජස්ටිස්ගෙන් සමාව ඉල්ලා තිබේ. ඔහු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය බ්ලොග් එකෙහි පළ කර තිබූ අතර පසුව ඉවත් කර ඇත.

සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>