නිළි ජීවිතය පටන් ගන්නවා – ආපහු බඳිනවා

null

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ නතර කරපු තැන සිට යළිත් නිළි ජීවිතය පටන් ගන්නා බවයි.

එහිදී ඇය පලකළ අදහස් කිහිපයක් පහතින්…

පාර්ලිමේන්තුවට නැවත යාමට නොහැකි වීමද මේ කනගාටුවට හේතුව?
නැහැයි කියන්නත් බැහැ. පුංචි හිත් වේදනාවක් නැතුවාමත් නෙමේ.

ජනතාව මෙවර ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද?
මම දන්නෑ ඊට හේතුව. හැබැයි මට ජනතාව වෙනුවෙන් සැලසුම් ගොඩක් තිබුණා. ඒවා ඉටුකර ගන්න බැරිවීම ගැන දුකක් තියෙනවා. හැබැයි පාර්ලිමේන්තු යෑමට බැරිවීම ගැන මහා දුකක් නෑ. මම හිතනව මට පාර්ලිමේන්තු වරම් අහිමිවීම ජනතාවගේ අභාග්‍යයක් මිස මගේ අභාග්‍යයක් නමෛයි කියලා.

පාර්ලිමේන්තුවේ ඉන්න කා‍ලේ ඔබට ඔය හිතේ තිබුණු වැඩ කරන්න තිබුණනේ?
මට පුළුවන් දේවල් මම කළා. ඒවා දන්න අය දන්නවා. කෑකෝ ගහගෙන අනවශ්‍ය ප්‍රසිද්ධියක් මට ඕනේ වුණේ නැහැ.

දැන් ඉතින් දේශපාලනයෙන් සමුගන්නවාද? ඉදිරියටත් රැඳී සිටිනවාද?
ඒ ගැන හරියට උත්තරයක් දෙන්න දැන්ම පුළුවන්කමක් නැහැ. තව මහ කාලයක් ගියෙ නැහැනේ. මිශ්‍ර අදහස් මේ වෙනකොටත් එනවා.

ඉතින් යළි රංගනයට ඔබ එනවාද?
අනිවාර්යයෙන්ම එනවා. නතර කරපු තැන ඉඳන් යළිත් මම මගේ නිළි ජීවිතය පටන් ගන්නවා. මේ දිනවල හොඳ නිර්මාණ භාරගන්නවා. පහුගිය කා‍ලේ කරපු ටෙලිනාට්‍ය හා චිත්‍රපට කිහිපයක්ම එන්නත් තියෙනවා. “සිහින සින්ඩරෙල්ලා”, “මායා”, “රශ්මි”, ම්…. තවත් කිහිපයක් නම් මතක නෑනේ.

යළි විවාහයකට යන්න හිතෙන්නේ නැද්ද?
හිතන් ඉන්නවා. හොඳ සැමියෙක් හා විවාහ වෙලා, දරුමල්ලන් හදාගෙන ගෙවන සුන්දර ජීවිතයක් ගැන මහමෙර තරම් බලා‍පොරොත්තුවක් හිතේ තියෙනවා. පෙර පවක් නිසා පළමු විවාහය බිඳුණා. ආදරෙයි කියලා මම දැක්ක ලෝකය කඳුළු සාගරයක් වුණා. හැමදේම වෙන්නේ හොඳට කියලා අද මට හොඳ පෙම්වතෙක් ලැබිලා ඉන්නවා.

ඔහු ගැන දැනගන්න ආසයි?
අනේ තරහා වෙන්න එපා. ඒ ගැන දැන්ම කියන්න බෑ. එයා හුඟාක් හොඳ මහත්තයෙක්. බොහෝ දුරට මේ අවුරුද්ද අවසානේ අපි විවාහ වේවි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>