නි.කතානායකට උඩට ගිහින් බහින්න බැරිවෙලා

null

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පැය එකහමාරකට ආසන්න කාලයක් ගුවනට එසවූ දොඹකරයක සිරව සිට තිබේ.

ගාල්ල, යක්කලමුල්ල කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවීම සඳහා දොඹකරයක ආධාරයෙන් ඉහලට ගොස් සිටි ඔවුන් දෙදෙනා අදාල යන්ත‍්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි බිමට බැසීමට නොහැකිව පැයකට ආසන්න කාලයක් එලෙස දොඹකරයට වී සිටිමට සිදුවිය.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දොඹකරයක ආධාරයෙන් කොත පැළඳවීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනා අඩි 40ක් පමණ උස චෛත්‍ය මුදුනට ගොස් ඇත්තේ විහාරාධිපති හිමියන් ද සමඟයි.

පසුව යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් සහ එම උත්සවයට පැමිණ සිටි පිරිස එක්ව ඔවුන් පහතට ගැනීම සඳහා කටයුතු කර ඇත. ඉනිමගවල් සහ කඹ යොදා ගනිමින් කොත පැළඳවීමට සහභාගි වී සිටි විහාරාධිපති හිමියන් පළමුව ද ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායවරයා ද යන්ත‍්‍රයෙන් බිමට බැස්සවීමට රැස්ව සිටි පිරිස පියවර ගෙන තිබේ. එම අවස්ථාවේදී යළි දොඹකරය ක්‍රියාත්මක කර ගැනීමට හැකි වී ඇති අතර රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා දොඹකරයෙන්ම බිමට පැමිණ ඇත්තේ පැය එක හමාරකට ආසන්න කාලයක් ගුවනේ රැදී සිටීමෙන් පසුවයි.

null
null
null

Pics – නෙත් නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>