06 Dec 2014
නීතිවිරෝධී මත්පැන් වර්ගයක් පානය කළ 3ක් මරුට
මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් පානය කළ තුන් දෙනෙකු මියගොස් තිබෙන අතර අසාධ්‍ය තත්වයේ පසුවන සිව්දෙනෙකු රෝහල් ගත කර තිබේ.
පොලිසිය පවසා ඇත්තේ හේන් යායකදී ඔවුන් ගෝඩා නම් නීති විරෝධී මත්පැන් වර්ගයක් පානය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.