නීශා බිස්වාල් ජනපති සහ අගමැති හමුවේ

null

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සහජීවනය ගොඩනැගීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව ඇයගේ ප්‍රසාදය හිමිව තිබේ.

ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සහ රටේ සාමය, සහජීවනය ගොඩනැංවීමට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව නිෂා බිස්වාල් මහත්මිය එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

නීශා බිස්වාල් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පවත්වා තිබේ. ඒ අරලියගහ මන්දිරයේදියි. ඇය අද (26) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ද හමුවීමට නියමිත යි.

ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>