නුවරඑළියේ ට්‍රිප් එකක් ගිය බසය ප්‍රපාතයේ

null

හොරණ සිට නුවරඑළිය බලා විනෝද චාරිකාවක පැමිණි පෞද්ගලික බස් රථයක් හැටන් – ස්ටැඩන් ප්‍රදේශයේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (22) උදෑසන 07.00ට පමණ අදාළ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

බස් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර රියදුරු අසුන අසල දොර හදිසියේ විවෘත වී රියදුරු එයින් ඉවතට විසිවී ඇත. බස් රථය ප‍්‍රපාතයට පෙරලී ඇත්තේ ඉන් අනතුරුව යි.

තුවාල ලැබූවන් වටවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>