නෙහාරා – මේනක රට හැර යයි
ජනප්‍රිය නළු නිළි යුවළක් වන නෙහාරා – මේනක යුවළ ලංකාව හැර දමා ඇමරිකාවේ පදිංචියට ගොස් තිබේ. ඒ මේනක රාජපක්ෂගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමටය.
මේනක රාජපක්ෂ ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු ලබාගැනීමේ පදනමින් වීසා ලබා තිඛෙන අතර නෙහාරා ඔහුගේ බිරිය හැටියට ඇමරිකානු වීසා ලබාගෙන ඇත.
මේනක රාජපක්ෂ ඊයේ හදිසියේ මාධ්‍ය අමතා කියා සිටියේ තමා වසර 4 ක කාලයක් සඳහා රට හැර යන බවත් ඉන් අනතුරුව ඇතැම්විට ඇමරිකාවේම පදිංචි වන්නට ඉඩ තිඛෙන බවත්ය. තමා ‘ෆයිනෑන්ස්’ ක්ෂේත්රයෙන් ‘මාස්ටර්ස්’ උපාධියක්ද ‘බිස්නස් ඇන්ඩ් මාර්කටින්’ ක්ෂේත්රයෙන් පීඑච්ඩී එකක්ද ඇමරිකාවේ අධ්‍යයනය කරන්නට යන බව ඔහු කියා ඇත.
කෙසේ වෙතත් නෙහාරා ඇමරිකාවේදී කරන්නට අදහස් කරන දෙයක් තවමත් සැලසුම් කර නොමැති බවද ඔහු පවසා තිබේ.
රංගන කටයුතු පිළිබඳව විමසීමකදී මේනක සඳහන් කර ඇත්තේ පුළුවන් අවස්ථාවක ලංකාවට පැමිණ රූගත කිරීම් වලට සහභාගී වන බව ය. නමුත් නෙහාරා නම් එසේ කරයිද යන්න ගැන විශ්වාසයක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.