29 Apr 2015
නේපාලයේ උදව්වට ගිය අපේ රණ විරුවන්
භූ කම්පනයෙන් විපතටපත් නේපාල වැසියන්ගේ සහය පිණිස මෙරටින් යුධ හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයන් පසුගියදා පිටත්ව ගියෝය.
අපගේ හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයකින් විදේශ රටකට සහන සේවයට ගිය ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඒ සඳහා යුධ හමුදාව සහ ගුවන් හමුදාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ අතර භූ කම්පනයෙන් විපතට පත්ව සිටින නේපාල වැසියනට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුධ හමුදා සහන කණ්ඩායම දොලාල්ගාද්හි වෛද්‍ය කඳවුරක් ආරම්භ කර ඇත.
12km ක දුෂ්කර ගමනක් පා ගමනින් ගොස් දින කිහිපයක් පුර සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් බේරාගැනීමට ද ඔවුන්ට හැකිවී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු ද රැගෙන ඊයේ දිවයිනට පැමිණියහ.