නේපාලයේ භූ කම්පනයක් – 876ක් මියයයි

null

නේපාලයේ කත්මන්ඩු නුවර අද ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 876ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ ඒකක 7.9ක් ලෙස සටහන් වූ මේ භූ චලනය අසල්වැසි පකිස්ථානයට ඉන්දියාවට හා බංග්ලාදේශයටත් දැනි තිබේ.

මෙය වසර 81 කට පසු එරටට බලපෑ දරුණුතම භූ චලනය ලෙස වාර්තා වන අතර එයින් නේපාල අගනුවර ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබේ. 1832 දී ඉදිකරන ලද සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ඓතිහාසික ධරාරා කුළුනද මෙම භූකම්පනයෙන් කඩා වැටි තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලක් ද ඇසිල්ලකින් සුන්බුන් බවට පත්ව ඇති බව ය. භූ චලනය හේතුවෙන් එවරස්ට් කන්දේ හිම කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

භූ චලනය හේතුවෙන් නේපාලයේ සිටින සිටින ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුව නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න මහතා තහවුරු කරයි.

මේ අතර ආපදාවට ලක්වුවන් සඳහා ලෝක සංවිධාන වල සහය අපේක්ෂා කරන බව නේපාල රජය සඳහන් කර තිබේ.

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>