නේපාල කම්පනය සත්ව බිලි පූජාව නිසා යයි කතාබහක්
නේපාලයේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් එරට වැසියන් 3000කට අධික පිරිසකගේ දිවි අහිමිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ව්‍යවසනය මෙසේ තිබියදී අන්තර්ජාලය තුල මේ වනවිට කතාබහට ලක්වන්නේ නේපාලයේ “ගාධිමායි” බිලි පූජාව පිලිබඳවය.
මෙම බිලි පූජාවේදී ගවයන් 250,000 කට අධික පිරිසක් දෙවින් උදෙසා නේපාල වැසියන් විසින් බිලිදෙනු දෙනු ලබයි. ගොධිමාල් දෙවොලේ පැවැත්වෙන මෙම බිලි පූජාවෙන් ගවයන්ට අමතරව එළුවන් හා පරෙවියන්ද මරාදමනු ලබයි.
මේ උත්සවය අවසන් වරට පවත්වා ඇත්තේ 2009 වසරේදී වන අතර එහිදී සතුන් 250,000 කගේ පමණ ජීවිත බිලිදුන් බව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන PETA කියා සිටී.
තවද එම සංවිධානය මෙය නවතන ලෙස උද්ඝෝෂණ කලත් එය සාර්ථක නොවූ අතර සෑම වසර 5කට වරක්ම එම බිලි පූජාව පැවැත්වෙන බව වාර්තා වේ.
දිනන දෙකක් පුරා පැවැත්වෙන මේ බිලිපූජාව හින්දු දෙවිවරු වෙනුවෙන් පැවැත් වෙන්නකි. තමාට සතුට සහ සෞභාග්‍ය ළඟා වෙතයි පවතින විශ්වාසය නිසා එම බැතිමතුන් මෙසේ කරන බව පැවසේ.
කෙසේ වෙතත් බලධාරීන් පවසන්නේ මෙය බැතිමතුන්ගේ විශ්වාසය බවත්, තමන්ට කල හැක්කක් නොමැති බවත් ය.