නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන 1800 දක්වා ඉහළට

null

නේපාලයේ, කත්මන්ඩු නුවර ඊයේ (25) සිදු වූ භූ කම්පනයෙන් 1800කට වැඩි පුද්ගලයින් පිරිසක් මියගොස් සිටින බව විදෙස් වාර්තා පවසයි.

භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 ක් පමණ එවරස්ට් කන්ද මතදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසන්නේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් ද මෙම භූ කම්පනයෙන් මියගොස් ඇති බවයි. මීට අමතරව බටහිර බෙංගාල ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමයින් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

වසර 80කට පසු නේපාලයේ සිදුවු ප්‍රබලය භූකම්පනය මෙය වන අතර එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.8 ක් ලෙස සටහන් විය.

භූ කම්පනය සිදුවූයේ නේපාලයේ කත්මන්ඩු අගනුවරට සැතපුම් 50 ක් පමණ දුරින් පිහිටි පොක්හාරා ප්‍රදේශය ආශ්‍රිතවයි.

විදෙස් වාර්තා පවසන්නේ මේ වනවිට සහන කණ්ඩායම් විසින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම ආරම්භ කර ඇති බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>