නොරොච්චෝලේ අක‍්‍රිය වේ

norochchole

ඊයේ පස්වරුවේ සිට නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ. මීට පෙරද කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ක‍්‍රියාකාරීත්වය වරින් වර අක‍්‍රිය වූ අතර එහි දෙවැනි අදියරද පසුගිය 13 වැනිදා සිට අක‍්‍රිය වී ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කර ඇත. එයද තවදුරටත් යථා තත්වයට පත් කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව බලාගාර දෙකේම ක‍්‍රියාකාරීත්වය අක‍්‍රියවීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ජනනයක් අහිමි වී තිිබෙ.

එමගින් අහිමි වු මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව තෙවන අදියරේ පරීක්ෂණ ධාවන කටයුතු සිදුකිරීමෙන් ලබා ගත්තද එයද පසුගිය අගහරුවාදා දිනයේ සිට කාර්මික දෝෂයකට ලක්ව ඇත.

ඒ අනුව පළමු අදියරේ විදුලි උත්පාදන කටයුතු පමණක් සිදුවු අතර ඊයේ පස්වරුවේ සිට එහිද දෝෂයක් හටගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

ටර්බයිනයේ ඩයග්‍රමයක ඇතිවු දෝෂයක් ඊට හේතුවී ඇත.

අද පෙරවරුව වන විට පළමු අදියර යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් එමගින් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඇණහිටිය ද, ජල විදුලි බලාගාර වලින් සහ ඉන්ධන විදුලි බලාගාර වලින් විදුලි උත්පාදන කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙරට විදුලි පද්ධතියට බාධාවක් වී නොමැති බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>