30 Oct 2015
නොවැ 01දා සිට දුම්රිය තුළ සිඟමන් තහනම්
දුම්රිය තුළ සිඟමනේ යෙදීම අනිද්දා (01) සිට තහනම් වන අතර, ඒ පිළිබඳ නිරන්තර වැටලීම් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පැවසීය.
දුම්රිය තුළ වෙළෙඳාම් කිරීම හෝ සිඟමනේ යෙදීම නීතියෙන් තහනම් කර තිබුණද තවදුරටත් එය සිදුවන බැවින්, එය නතර කිරීමේ අරමුණින් දුම්රිය සෝදිසි කිරීමට නිලධාරීන් යෙදවීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
නොවැම්බර් පළමුවැනිදායින් පසු දුම්රිය මැදිරි තුළ සිඟමනේ යෙදෙන්නන් වැටලීම් මගින් උසාවියට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බවද අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.