පංති යන බව කියා දිය නාන්න ගිය සිසුන් යලි නොඑති

null

අමතර පංතිවලට යන බව නිවෙස්වලට පවසා විත් දූවේගොඩ පිහිටි කළුගඟේ ගලේ තොටුපළේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙක් ඊයේ (13) කළුගඟේ ගිලී මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ පාසලේ උසස් පෙළ හදාරන කළුතර විලේගම ඉකිලිකන්දවත්තේ සනිර රමේෂ් ද සිල්වා (අවු.18) හා අංජුල උපේන්ද්‍ර සොයිසා (අවු.17) උතුරු කළුතර පදිංචි බුද්ධික එරංග (අවු.17) යන තිදෙනා යි.

උදෑසන 10ට පමණ යතුරු පැදි දෙකකින් පැමිණි ඔවුන් පැය දෙකකට වැඩි කාලයක් කළු ගඟේ දිය නාමින් සිට තිබේ. පසුව තොටුපළ අයිනේ යතුරු පැදියක් ඇඳුම් හා පොත් බෑග් තිබුණද ගඟේ කිසිවෙකු පෙනෙන්නට නොසිටීම පිළිබඳව සැක සිතු ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ උතුරු කළුතර පොලීසියේ, පොලිස් ජීවිතාරක්ෂක අංශයේ හා කළුතර නාවික කඳවුරේ නිලධාරීහුද එම ස්ථානයට පැමිණ ගඟේ ගිලී සිටි සිසුහු ගොඩට ගනු ලැබ තිබේ.

ගොඩ ගන්නා විටත් සිහිසුන්ව සිටි සිසුන්ට ප්‍රථමාධාර ලබා දුන් පොලිස් නිලධාරීහු ඔවුන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළහ. රෝහලට ගෙන යන විටත් දෙදෙනෙකු මියගොස් සිටි අතර, එක් අයෙක් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ස්වල්ප වේලාවකින් මිය ගොස් තිබේ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>