30 Nov 2014
පක්ෂය ගැන කතා කරමින් ඇමැති ජනක බණ්ඩාර අඬයි
ගලේවෙල අද පැවති ජනහමුවකට සහභාගිවූ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ මුහුණ සි ඇති තත්වය පිළිබඳව කලකිරීමෙන් කතා කර තිබේ.
තමන්ට සිදුවූ අසාධාරණකම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටත් පැවැසූ බවත් ඒ කිසිවෙක් තමන් කියූ දේ ගණන් නොගත් බවත් එහිදී ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවත්, කුමන කෙනෙහිලි කම් සිදුවූ වත් තම පියා (ටීබී තෙන්නකෝන්) හැදු පක්ෂය අත් නොහරින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දවසේ කිසිවෙකුට යටත් පක්ෂයක් කරන්න තමන් අකමැති බවත් ඔහු එහිදී කඳුළු සලමින් ප්‍රකාශ කර තිබේ.
ගලේවෙල ටී.බී. තෙන්නකෝන් ශාලාවේ පැවැති දඹුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මෙලෙස පවසා තිබේ.