පක්ෂය වෙනුවෙන් මාරාගෙන මැරෙනවා – ජනක

null

නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ මහලේකම් සහ සන්ධාන මහලේකම් ඉවත් කිරීම පිළිගත නොහැකි බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

දඹුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ‘සිරිකොත සැලැස්මක්’ බවයි.

ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ…

“අපේ ලේකම්වරු දෙදෙනා ඉවත්කිරිම ගැන දැඩි කෝප වෙනවා. මම එකක් කියනවා. මරණාධාර සමිතියක වුණත් ලේකම් හෝ භාණ්ඩාගාරික අයින් කරනවානම් සභාපති මහ සභාව කැදවනවා. එහෙමයි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ. මේක පක්ෂයක්. මේක මේ විදියට විකුණන්න දෙන්න බෑ. අපි මධ්‍යම කාරක සභාව කැඳවන්න කීවත් කැඳෙව්වේ නෑ. කෝ ප්‍රජාතන්ත්‍රවාදය, කෝ යහපාලනය. සිරිකොතේ ඉදලා ගන්න තීන්දුවලට අපිට යටත්වෙන්න බෑ.අපි සූදානම් එළියට බැහැලා මේ වෙනුවෙන් කතා කරන්න.සටන් කරන්න.ජනතාවට කියනවා බය වෙන්න එපා අපි මරාගෙන මැරෙන්න හරි ඉන්නනවා. සිරිකොතෙන දෙන තීන්දුවලට අපි එකග නෑ. මේ ක්‍රියාත්මක නොකළොත් අපි පෑලෑන් බී එකකුත් ගේනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>