06 Aug 2015
පක්ෂ ලාංඡන සහ මනාප අංක පච්ච තහනම්
දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පක්ෂ ලාංඡනය සමග මනාප අංක ශරීරයේ පච්චා කොටාගෙන හෝ හිසේ සලකුණු කර ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එවැනි සළකුණු කරගෙන ප්‍රසිද්ධ ස්ථානවල ගැවසුනහොත් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිටත් පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇත.
එමෙන්ම පක්ෂය ප්‍රවර්ධනය වන ආකාරයට ඇඳුම් හැඳ ප්‍රසිද්ධියේ ගමන් කිරීමද සපුරා තහනම් බව හෙතෙම තවදුරටත් පවසා තිබේ.