පකිස්තානයේ දරුවන්ගේ ඉරණම අපේ දරුවන්ට දෙන්න බැහැ

null

2015 ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හය වෙනි ජන රැලිය ඊයේ (18) මුලතිව් විනයාගමූර්ති ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියේ පකිස්තානයේ දරුවන්ට ත්‍රස්තවාදය හේතුවෙන් අද මුහුණදීමට ඇති ඛේදනීය තත්ත්වය මෙරට දරුවන්ට යළි උදාකළ නොහැකි බවයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බිහිසුණු ත්‍රස්තවාදය තවමත් විදේශීය රටවල සිට ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත්, එම ත්‍රස්තවාදය නැවත රට තුළට ගෙන ඒම ඇතමුන්ගේ අවශ්‍යතාව බවත් ය.

යළි මෙරට ත්‍රස්තවාදයක් ඇතිවීමට තමන් ඉඩ නොදෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>