පකිස්ථානයෙන් ඇවිත් කැලිෆෝනියාවේ වෙඩි තැබූ ISIS කපල් එක

null

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගියදා වාර්තාවූ වෙඩි තැබීම සිදුකළ යුවළ ISIS සම්බන්ධතා ඇති අය බවට අනාවරණය වී තිබේ.

සෙයිඩ් රිස්වාන් ෆාරුක් යන පිරිමි පුද්ගලයා සහ තෂ්වීන් මලික් යන කාන්තාව මෙම ප්‍රහාරය මෙහෙයවූ අතර ඔවුන් පාකිස්තාන සම්භවයක් සහිත අය බව සඳහන්.

ඔවුන් සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් ජිවිතක්ෂයට පත්විය.

තෂ්වීන් මලික්ගේ හමුවූ පළමු ඡායාරූපය ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඇය තම ෆේස්බුක් පිටුවෙන් ද ISIS සංවිධානයේ නායකයාට සහාය පළ කර තිබේ.

මෙම දෙදෙනාගේ නිවස පරික්ෂා කළ අවස්ථාවේ ගිනිඅවි සහ උණ්ඩ දහස් ගණනක් සහ බෝම්බ නිපදවීමේ උපකරණ ද සොයාගෙන තිබේ.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>