පකිස්ථානය සමගත් න්‍යෂ්ටික ගිවිසුමක්

null

පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සිවිල් න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබන ලදී.

එමෙන්ම න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාව පිළිබඳ ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය පකිස්ථානය සමගද සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති පාඨලි චම්පික රණවක මහතා පවසා ඇති බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ඒ අනූව පකිස්ථානයේ තාක්ෂණික හා මානව සම්පත් ඊට යොදාගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නියමිතය.

“අපි දැනටමත් රුසියාවේ ROSATOM ආයතනය සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා,” එසේම මේ සම්බන්ධයෙන් ප්‍රංශය හා එක්සත් ජනපදය සමග එක්ව ගවේෂණ සිදුකරන බවද ඇමතිවරයා පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>