පදිකයන් 4ක් යට කළ නඩුවෙන් සල්මන් ඛාන් නිදහස්

null

පදික වේදිකාවේ නිදා සිටි හතර දෙනකු යට කරගෙන පළා ගිය බවට එල්ලවී තිබූ චෝදනාවෙන් බොලිවුඩ් නළු සල්මන් ඛාන් අද (10) නිදහස් කර තිබේ.

‘බොම්බෙ හයිකෝට්’ අධිකරණය විසින් අද ඛාන්ගේ අභියාචනය සලකා බලමින් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇති බව ඉන්දීය පුවත් උපුටා දක්වයි.

13 වසරකට ඉහතදී බීමත්ව රිය පදවා පදික වේදිකාවේ නිදාගෙන සිටි පස් දෙනෙකු යටකර එක් අයෙකු ජීවිතක්ෂයට පත් කළැයි බොලිවුඩ් සුපිරි රංගන ශිල්පි සල්මන් ඛාන් ට වසර 5ක සිරදඬුවමක් පසුගිය මැයි 6දා නියම විය.

අනතුර සිදුවෙද්දී තම රියදුරා කාරය පැදවූ බවට සල්මන් ඛාන් කළ ප්‍රකාශය අධිකරණය අද පිළිගනු ලැබ තිබේ. ඒ අනුව පසුගිය මැයි මස 6වන දා මුම්බායි උසාවියකින් ලබා දුන් තීන්දුව මුම්බායි මහාධිකරණය නිෂ්ප්‍රභා කර ඇත.

මුම්බායි මහාධිකරණය සඳහන් කළේ ඔහුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට අසමත්ව ඇති බවයි.

මේ අතර සල්මන් ඛාන් නිදහස් කරමින් බොම්බේ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>