පන්ති ගිහින් එමින් සිටි දැරියක් දුම්රියට බිලි
හික්කඩුව – තොටගමුව පාලම මතදී අමතර පංතියකට සහභාගිවී යළි නිවසට එමින් සිටි 17 හැවිරිදි දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල කළුපේ ප්‍රෙද්ශයේ පදිංචි 17 හැවිරිදි ධනුෂිකා සත්සරණී නමැති දැරියයි. ඇය හික්කඩුව සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකි.
අද පෙරවරු 9.15ට කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ සුනාමි දුම්රිය ලෙස හදුන්වන දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි මෙම සිදුවිය අතිරේඛ පන්තියකට යාම සදහා මිතුරියක් සමග අත්අල්ලන් තොටගමුව පාලම මතින් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදි පිටුපසින් පැමිණි සුනාමි දුම්රිය කිහිපවරක්ම නළාව ගැසුවද එය ඇසී තිබුණේ මිතුරියට පමණයි. ඇය එම අවස්ථාවේදීම පාලමෙන් අනෙක් අනත්යට පැන තිබෙන අතර අදාල සිසුවිය දුම්රියේ ගැටී තිබේ.
මියගිය දැරියගේ මව විදේශ ගතව සිටින බවත්, පියා මව අතහැර ගොස් ඇති බවත්, සිටින බවත්, සිය සොහොයුරා සමග මෙම දැරිය මවගේ ඥාතී නිවසක වෙසෙන බවත් දෙරණ නිව්ස් සඳහන් කරයි.