පන්ති යමින් සිටි සිසුවියක් පැහැරගෙන

null

අනුරාධපුර නගරයේ දී අද පෙරවරුවේ උසස් පෙළ උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා යමින් සිටි 18 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් තිබේ.

පැහැරගැනීම සිදුකළ පුද්ගලයා අනුරාධපුරය දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

අනුරාධපුර පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු පළමුව සිසුවියට පහරදී බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට දමාගෙන රැගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ අදාළ සිසුවියගේ මිතුරියන් විසින් පැහැරගැනීම සිදුකළ ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබූ අතර, ඒ අනුව පොලිස් භාරයට ගැනුනු ත්‍රිරෝද රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ අනුරාධපුර – වෙස්සගිරිය ප්‍රදේශයේදී සැකකරු පාසල් සිසුවිය වෙනත් මෝටර් රථයකට නංවාගත් බවයි.

මෙම සිසුවිය අනුරාධපුරය – පූනෑව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ප්‍රේම සබඳතාවක් මත මෙය සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

අනුරාධපුර පොලීසිය විමර්ශන සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>