පන්දුව හිසේ වැදුණු ෆිල් හියුස් මියයයි
පසුගියදා ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරඟයක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායෙම් දක්ෂ පිතිකරුවෙකු වූ ෆිල් හියුස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වන පීටර් බෲක්නර් මීට මිනිත්තු කිහිපයකට පෙර මෙය නිවේදනය කර තිබේ.
පසුගිය සඳුදා සිඩ්නි ක්‍රිඩාංගණයේ පැවති තරගයක් අතරතුර නිව් සවුත්වෙල්ස් පන්දු යවන්නෙකු වන සීන් ඇබට්ගේ බවුන්සර් පන්දුවක් හිසෙහි වැදීමෙන් මිනිත්තු කිහිපයක් තුලදී සිහි මුර්ජා වී අද වැටුණි.
ඉතා ඉක්මනින් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගත අතර රෝහලේදී ඔහුව ශල්‍යකර්මයකට භාජනය කරන ලදී. එහිදී වෛද්‍යවරුන් පැවසුවේ ඔහු කෝමා තත්වයක පසුවන බවත් පැය 48ක් යනතුරු ඔහුගේ තත්වය ප්‍රකාශ කල නොහැකි බවත් ය.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම අනතුරෙන් සිහි මුර්ජා වූ ෆිල් හියුස් යළි සිහිය නොලබාම මියගිය බව වෛද්‍යවරයා පවසයි.
25 හැවිරිදි පිල් හියුස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහභාගී වී ලකුණු 1535ක් රැස්කරගෙන ඇති අතර එක්දින තරග 25කදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 826කි.
පෙර පළවූ පුවත පහතින්.