පය ලිස්සා ජලාශයට වැටී තරුණියක් මරුට

null

මාවුස්සාකැලේ ජලාශයේ දියනෑමට ගිය තරුණියක් ජලාශයේ වැටී මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය අප්කට් ප්‍රධාන මාර්ගයේ අම්මන් කෝවිල අසල පදිංචි රත්නවේල් ඥානේශ්වරී (අවු.27) නැමති තරුණියකි.

මෙම තරුණිය තම නිවසට යාබඳව පිහිටි මාවුස්සාකැලේ ජලාශයට අද උදෑසන 8.30 ට පමණ දිය නෑමට ගොස් තිබේ.

එම තරුණිය පය ලිස්සා ජලාශයට වැටෙණු ප්‍රදේශවාසීන් දැක තිබෙන අතර පසුව ඒ බව මස්කෙළිය පොලීසියට දැණුම්දී ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව ජලාශයට වැටුණු තරුණියගේ සිරුර අද උදෑසන 9.30 ට පමණ ගොඩගෙන තිබේ.

ගොඩගත් සිරුර හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව මස්කෙළිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

null
null
null
null

Pics – හිරු නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>