පරාජයට හේතුව බැසිල් – විමල් කියයි

null

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට එක් ප්‍රධාන හේතුවක්වූ බව විමල් විරවංශ මහතා පවසයි.

‘බිබිසි සංදේශයට’ විශේෂ ප්‍රකාශයක් දෙමින් විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා එබව සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සියල්ල ඒකාධිකාරියක් ලෙස තම අතට ගෙන කටයුතු කිරිම වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා මහින්ද රාජපක්ස ජනාධිපතිවරයා පවුල් පාලනයක් ගෙනයන බවට ගෙන ගිය මතය නිශේධනය කිරීමට නොහැකිවූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

සිදුකල යුතු ඇතැම් වෙනස්කම් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබුනත්, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වැනි පිරිස් එවන් ප්‍රතිසංස්කරණ සිදුකිර්මට ඉඩ ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට විමල් විරවංශ හේතුවූ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ගේ ක්‍රියා කලාපය නිසා හිටපු ජනාධිපතිවරයාට ඡන්දයක් වැඩිවූවා මිස අඩු නොවූ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>