පරිප්පු තොගයකට යටවී පුද්ගලයෙක් අතුරුදන්

null

කැළණිය – පට්ටිවිල ප‍්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

පරිප්පු ගබඩා කර ඇති අඩි අනූවක් පමණ උසැති කුළුණක් කඩා වැටී එහි තිබූ පරිප්පු තොගයට යටවීමෙන් ඔහු අතුරුදන්ව ඇත.

වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ (10) රාත‍්‍රියේ ඇති වූ මෙම සිද්ධියෙන් දැනට අතුරුදන්ව ඇත්තේ හර්ෂක තිලකරත්න නමැති මොණරාගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බවයි.

අතුරුදන් වු පුද්ගලයා සෙවීම සඳහා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>