පවිත්‍රා තම නිවසත් ඔට්ටු අල්ලයි

null

ඔට්ටු දැමීම නීති විරෝධී කටයුත්තක් වුවද මෙවර ජනාධිපතිවරණයටද නොයෙක් ආකාරයේ ඔට්ටු දැමූ පිරිස් බොහෝය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්ද ජනාධිපතිවරණය වෙනුවෙන් පැල්මඩුල්ලේ තම නිවස ඔට්ටු අල්ලන බව පවසා තිබේ.

ඒ ඊයේ (05) කොලොන්නාව ප්‍රදේශයෙ පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙවර ජනපතිවරණය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ ජයග්‍රහණය ස්ථීර බවත් ඕනෑම කෙනෙකු එසේ නොවේ යයි ඔට්ටු අල්ලන්නට තමා සමග එන ලෙසත් තමා ඒ වෙනුවෙන් තමාත් නැගණියත් වාසය කරන තම පියා හැදූ පැල්මඩුල්ලේ නිවස ලබාදෙන බවත් ඇය එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>