පවුලක් යටකර ඉන්ධන බවුසරය පෙරළෙයි

null

බදුල්ල – මහියංගණය මාර්ගයේ 4 කණුව අඹගහඔය ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී ගිය ඉන්ධන බවුසරයක ගැටුණු ත්‍රීරෝද රථයක සිටි එකම පවුලේ 5 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (15) සවස 2.00ට පමණ බදුල්ලේ සිට බිබිල දක්වා ඩිසල් ප්‍රවාහනය කරමින් තිබු ඉන්ධන බවුසරයක් මෙලෙස මාර්ගය හරහා පෙරලී ගොස් ඇත.

උෟවපරණගම පදිංචි මව පියා සහ දරුවන් දෙදෙනා මහියංගන විහාරය වන්දනා කොට ආපසු නිවෙසට යමින් සිටින අතර මාර්ගය අසල නවතා දහවල් ආහාරය ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

බවුසරයේ තිබූ ඩීසල් සම්පූර්ණයෙන්ම බදුල්ල මහියංගන මාර්ගයේ දිගේ ගසාගෙන ගිය අතර අසල්වැසියේ විශාල ප්‍රමාණයේ බැරල් වලට පුරවනු අයුරුද දක්නට ලැබිණි.

අදාල බවුසර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>