පවුල් ආරවුල් නිසා නිල්වලා ගඟට පැන්න මව
මාතර – මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කළ දෙදරු මවක් යුද හමුදා නිලධාරීන් විසින් බේරාගෙන තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
ඊයේ (25) පස්වරුවේ කාන්තාව මෙලෙස නිල්වලා ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කල ට්රක් රථ රියෙදුරෙකු ඇය ගඟට පනින අයුරු දැක ඇත.
වහා ක්රියාත්මක වූ ඔහු කඹයක් ගෙන ගඟේ පහලට දමා තිබේ. සියදිවි නසාගැනීමට ගඟට පැන්නත් මරණයේ වේදනාව දැනුනු එම කාන්තාව කඹය අල්ලාගෙන ගොඩට ඒමට උත්සහ දරා ඇති නමුත් එය පහසු කාරියක් වී නොමැත.
එහිදී රැස්ව සිටි පිරිසගේ කෑකෝගැසීම් ඇසුණු මාතර යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඇයව බේරාගැනීමට ඉදිරිපත්වී තිබේ.
පසුව ඇය මාතර රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්තේ දික්වැල්ල ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක්.
පවුල් ආරවුලක් මත තමා සියදිවි නසාගැනීමට උත්සාහ කළ බවයි පොලීසියට ප්රකාශයක් ලබාදෙමින් ඇය සඳහන් කර ඇත.