පසුපස විශාල කරගැනීමට ගොස් සිදුවූ දෙයක්

null

තමන්ට උපතින් හිමිවන රූ සපුව වෙනස් කරගැනීමට වර්තමානයේ බොහෝ කාන්තාවන් නැඹුරු වී සිටි. බටහිර රට වල කාන්තාවන් මෙයට වැඩි වශයෙන් නැඹුරු වී සිටින අතර ඒ සඳහා විවිධ සැත්කම් සිදු කරගනි.

නමුත් තමන්ට ස්වභාවයෙන් ලැබෙන දේ වෙනස් කිරීමට යාමෙන් බොහෝ විට සිදු වන්නේ අතුරු ප්‍රතිඵල ඇති වීමයි.

එවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන් තරුණියක් පිලිබඳ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. 27 හැවිරිදි ඇය නමින් Andressa Urach වන අතර බ්‍රසීලයේ විශාලම පසුපස පෙදෙස තේරීමේ තරඟයට ඉදිරිපත්වීම සඳහා ඇය සැත්කමක් සිදු කරගෙන තිබේ.

Miss BumBum ලෙස එම තරඟය හැඳිවෙන අතර එයට සහභාගී වන බොහෝ තරුණියන් මෙලෙස සැත්කම් සිදු කරගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරඟයට ඉදිරිපත්වූ Andressa Urach 2 වන ස්ථානය ලබාගෙන තිබේ. කෙසේ වෙතත් සැත්කම සිදුකිරීමෙන් පසු මාසයක් පමණ කාලයක් ගතවෙද්දී ඇයගේ කකුලේ සම දිරාපත්වී කුණු වීමකට ලක්ව තිබේ. සැත්කම සිදුකිරීමේදී එන්නත් කල ද්‍රව්‍ය නිසාවෙන් එම තත්වය ඇතිවී තිබෙන බව අනාවරණය විය.

පසුව රෝහල්ගත කෙරුණු ඇය මාසයක පමණ කාලයක් පුර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට දැන් සුව අතට පත්වෙමින් සිටින බව වාර්තා වේ. මුල් අවදියේදී ඇයගේ ජීවිතය පවා අවධානම් තත්වයක තිබී ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>