පළමු T20 තරඟයේ ජය ලංකාවට

null

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු T20 තරඟයෙන් ලකුණු 30ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට ලබා දුන් අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුුලු 03 ක් දැවී ලකුණු 215 ක් ලබා ගත්තේය.

ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 56 යි. නොදැවී ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 40 යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකණු 37 යි.

ලකුණු 215ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොදෙව් පිලට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ සචිත්‍ර සේනානායක ලකුණු 41 පමණක් ලබාදී කඩුළු 4ක් දවා ගැනීමට සමත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>