29 Nov 2015
ප්රංශයට ශ්රී ලංකාවේ සහය දෙනවා
ත්රස්තවාදී ප්රහාරය හමුවේ ප්රංශයට නොසැලී සිටීමට ශ්රී ලංකාවේ සහයෝගය අඛන්ඩව ලබාදෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 24 වන පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව අතරතුර ප්රංශ ජනාධිපති ෆ්රාන්සුවා හොලාන්ඩ් හමුවූ අවස්ථාවේදීයි.
එහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ප්රංශ – ශ්රී ලංකා සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් තමන් ප්රංශයේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වන බවයි.
ඒ අනුව රාජ්ය නායක සමුළුව අවසන් වීමෙන් පසු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ලෝක දේශගුණික සමුළුව සඳහා සහභාගි වීම සදහා හෙට දිනයේදී පැරීසිය බලා ගමන් කිරීමට නියමිතයි.