ප්‍රංශයේ තවත් වෙඩි ප්‍රහාර මාලාවක්
ප්‍රංශයේ උතුරුදිග පැරිසියේ ශාන්ත ඩෙනිස් නගරයේ වෙඩි ප්‍රහාර මාලාවක් සිදුව ඇති බවට වාර්තා වෙයි. එරට පොලිසිය පවසන්නේ මීට පෙර ප්‍රංශයේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකරන අවස්ථාවක නැවතත් මෙම වෙඩිතැබීම මාලාව සිදුව ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස් කැරලිකරුවන් විසින් බාරගැනීමත් සමග සැකකටයුතු නිවාස කිහිපයක්ම පසුගිය දිනවල ප්‍රංශ ආරක්ෂක අංශ විසින් පරික්ෂාවට ලක් කරන ලදී.
සේන්ට් ඩෙනිස් හි මේවන විට සිදුවන මෙහෙයුම් අතර තුර වෙඩි හඬ කිහිපයක්ද ඇසී ඇති අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවක්ද විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
අද සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු ද ඝාතනය කර තිබේ. කාන්තාවක් ද බෝම්බයක් පුපුරුවාගෙන දිවි හානි කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශයේ පැරිස් නුවරට ඉකුත් දා එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 129 ක්. එම ප්‍රහාරයෙන් පසුව මේ වන විට ප්‍රංශයේ ආරක්ෂාව සඳහා පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.