ප්‍රංශයේ පැරිස් නුවරට දැවැන්ත ප්‍රහාරයක් – 153ක් මරුට

null

ප්‍රංශයේ පැරිස් නුවර ස්ථාන කිහිපයකට එකවර එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයකින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බරපතළම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පැරිස් හි පිහිටි ‘බැටක්ලාන්‘ නැමැති රංග ශාලාවකට බව සඳහන්ය. එම ශාලාවේ විටි 112 දෙනෙකු මිය ගොස් ඇත.

ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර තිබේ. එහිදී එහි සිටි තවත් සියයකට අධික පිරිසක් තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිකුත් කෙරෙන නවතම වාර්තා වලට අනුව ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගෙන ඇති අතර තුවක්කුකරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පැරිස් නගරයේම පිහිටි තවත් අවන්හලකටද එම මොහොතේම ප්‍රහාරයක් එල්ල වී තිබේ.

නගරයේ ස්ථාන 5කට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අතර, ප්‍රංශය සහ ජර්මනිය අතර පැවැති පාපන්දු තරඟය ද ඉන් එක් ඉලක්කයක්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැතත් අයි.එස්. සංවිධානය දැනටමත් පැරිස් ප්‍රහාරය සමරමින් සිටින බව වාර්තා වෙයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමග ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් පැනයාම වැළැක්වීමට රටේ සියලුම දේශසීමා වසා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර නිවෙස් තුල රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>