ප්‍රංශය ත‍්‍රස්තවාදයට එරෙහි සටනට

null

කෲරත්වයට පිළිතුරු ලබාදෙන බවත්, ත‍්‍රස්තවාදයට එරෙහි සටන අත්නොහරින බවත් ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්ෂුවා හොලන්ඞ් පවසයි. ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු ඔහු මේ බව සඳහන් කර තිබේ.

අයි.එස්. කැරළිකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමෙන් හා පිපිරීම් කිහිපයකින් මේ වන විට 129 දෙනෙක් මියගොස් තිබෙන අතර තුවාල ලැබූ ගණන 350 ඉක්මවයි.

ජර්මනිය සහ ප‍්‍රංශය අතර පාපන්දු තරගය පැවති ක‍්‍රීඩාංගණය ආසන්නයේ බෝම්බය පුපුරා යන අවස්ථාවේ ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්ෂුවා හොලන්ඞ් ද එය නරඹමින් සිට ඇත. කෙසේ වෙතත් ඔහු ආරක්ෂා සහිතව ඉන් ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

මේ අතර තවත් ත‍්‍රස්තවාදීන් පිරිසක් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ ස්ථානයක් වූයේ පැරීසි රඟහලයි. එම අවස්ථාවේ අමෙරිකානු සංගීත කණ්ඩායමක් ප‍්‍රසංගයක් පවත්වමින් සිට ඇති අතර ප‍්‍රහාරයෙන් රංග ශාලාවේ සිටි 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්විය.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි මුල්පෙළ ප්‍රහාරකයෙකු මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔහු ඕමාර් – මොස්ටෙෆායි නමැති 29 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක්. පැරිසියේ – බැටක්ලෑන් රඟහලට එල්ල වූ ප්‍රහාරයේදී මොහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත්වී ඇත. මොහුගේ ඇඟිලි සලකුණුවලින් හඳුනා ගැනීමට හැකිවූ බව ප්‍රංශ පරීක්ෂකයන් සඳහන් කරයි.

මේ අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු ජීවත් වූ බව සැලකෙන බෙල්ජියමේදී ද සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු සමඟ සිරියානු සහ ඊජිප්තු ගමන් බලපත්‍ර හමුවී ඇති අතර, ප්‍රහාරයට පැමිණි එක් සැකකරුවෙක් 15 වන වියේ පසු වූ බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>