ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කරයි

null

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන අබ්දුල්හමීඩ් අබවුඩ් ඝාතනය කර තිබේ. පෙරේදා (18) සිදුකළ හදිසි වැටලීමකදී ඔහු ඝාතනයට ලක්වුණු බව ප්‍රංශ බලධාරීන් පවසයි.

ශාන්ත ඩෙනිස් නගරයෙය් මෙහෙයුමෙන් අනතුරුව සුන්බුන් පරික්ෂා කිරීමේදී ඔහුගේ සිරුර හමුවී ඇති බව විදේශ පුවත් සේවා පෙන්වා දෙයි.

බෙල්ජියම් ජාතිකයෙකුවන අබූඩ් ඝාතනයට ලක්වන විට 27වන වියේ පසුවිය.

ඇඟිලි සළකුණු වලින් ලබා ගත් තොරතුරු අනුව අබ්දුල්හමීඞ් අබවුඞ් පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස තහවුරු වී ඇත.

පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන අබ්දුල් හමීඞ් ප‍්‍රංශයට එල්ල කිරීමට සැලසුම් කළ ප‍්‍රහාර හයකින් 4කටම සම්බන්ධ බවද අනාවරණ කරගෙන තිබේ.

ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ ඔහු සිරියාවේ සිට සංක‍්‍රමණිකයින් හරහා ගී‍්‍රසියට පැමිණ ඇති බවයි. එ් මීට මාස කිහිපයකට පෙරදී බව අනාවරණ වී ඇත. කෙසේ වෙතත් කිසිදු යුරෝපීය රටක් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ නොකිරීම ගැටලුවක් බවද ප‍්‍රංශයේ අභ්‍යන්තර අමාත්‍ය බර්නාඩ් කැසනේව් ප‍්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>