ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

null

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අපේක්ෂකයන්ගේ පෝස්ටර්, බැනර් සහ කටවුට් 6 වැනිදා සිට ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලබාදි ඇති බවයි.

එමෙන්ම දේශපාලන පක්ෂ පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල ද හෙට දිනයේ සිට ඉවත් කළ යුතු වෙයි.

මේ අතර ඡන්ද කාඞ් නිවෙස්වලට බෙදාහැරීම මේ වනවිට සියයට 90 ඉක්මවා ඇති බවත්, ඡන්ද කාඞ් නොලැබෙන ඡන්ද දායකයින්ට ජනාධිපතිවරණය පවත්වන ජනවාරි 08 වැනිදා දක්වා ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලවලට ගොස් ඒවා ලබාගැනීමට හැකියාව පවතින බවත් තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන අවසන් රැළිය කැස්බෑව නගරයේදී රාති‍්‍ර 7ට ආරම්භ වීමට නියමිතයි. ඊට අමතරව දෙබරවැව, අම්බලන්ගොඩ, සහ මතුගම යන ප‍්‍රදේශවල පැවැත්වෙන ජනරැුළි සඳහාද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සහහභාගි වේ.

මෛති‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වන අවසන් ජනරැළිය පැවැත්වෙන්නේ මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීයි. ඊට අමතරව කහවත්ත , ඇඹිලිපිටිය , කළුතර සහ මොරටුව යන නගරවලද විපක්ෂයේ ජනරැුළි පැවැත්වෙන අතර ගාල්ල සමනල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ජන රැුළියකටද මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද සහභාගි වීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>