ප්‍රචාරණයට යන වියදම්වලින් ජනතා අරමුදලක් හදනවා – මෛත්‍රී

null

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථම රැලිය ඊයේ පොළොන්නරුවේදී පැවැත්විය. එහිදී ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී බැනර් , පෝස්ටර් සහ කටවුට් සඳහා වියදම් නොකරන බවත් ඒ සඳහා යන වියදම් සියල්ල එකතු කර රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා අරමුදලක් පිහිටුවන බවත් ය.

තමන් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් පසු බොහෝ දෙනෙක් ඇවිත් කොඩි අදින්න, පොලිතින් ගන්න, කටවුට් ගහන්න අපි සල්ලි දෙන්නම් යැයි කියු බවද, එහෙත් තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ පොලිතීන් කටවුට් නැති බවද, ඔහු පැවසීය.

තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදෙන මුදල් වකුගඩු රෝගීන් වෙනුවෙන් ආධාර මුදලක් ලෙස ආරම්භ කිරීමට සුදානම් බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ඉදිරියේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් තමන් සමග එක්වන බවද ඔහු ප්‍රකශ කළේය.

ඊයේ පැවති ජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, මහලේකම් තිස්ස අත්තනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් රැසක් එක්ව සිටියා. මීට අමතරව, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රාජිත සේනාරත්න සහ මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර ද එක්ව ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>