ප්රථම Microsoft ලැප්ටොප් පරිගණකය හඳුන්වා දෙයි
ලොව ප්රකට Microsoft සමාගමේ ප්රථම ලැප්ටොප් පරිගණකය Surface Book නමින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිරය සම්පූර්ණයෙන්ම ගැලවිය හැකි අතර ටැබ්ලට් පරිගණකයක් ලෙසද භාවිතා කිරීමට හැකි වීමයි.
මෙම නවතම ලැප්ටොප් පරිගණකය ඔක්තෝම්බර් 26 විකිණීම ආරම්භ වන අතර මිල $1,499 සිට ඉහලට ලෙස වාර්තා වෙයි.
මෙය 267 PPI අගයකින් යුතු අඟල් 13.5 ක තිරයකින් සහ backlit keyboard එකකින් සමන්විත වන අතර five points ස්පර්ශ සංවේදී glass trackpad එකකින්ද සමන්විතයි.
Microsoft සමාගමට අනුව මෙතෙක් නිෂ්පාදනය කර ඇති අඟල් 13 තිරයකින් යුක්ත වේගවත්ම පරිගණකය මෙය වෙයි.
මෙම පරිගණකය නවතම Skylake family, Intel Core i5 සහ i7 processors වලින් සහ GDDR5 මතකයක් සහිත Nvidia GeForce GPU එකකින්ද සමන්විතයි. එක් වරක් බැටරිය ආරෝපණය කල විට පැය 12 ක කාලයක් පරිගණකය භාවිතා කල හැකි බව සඳහන්.
එහි හඳුන්වාදීමේ වීඩියෝව පහතින්…