31 Dec 2015
ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් රැසකට බලපෑ හැකි ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක් එළඹෙන වසරේදී අපේක්ෂා කරන බව නාසා ආයතනය අනතුරු අඟවා තිබේ.
එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙසයි විද්‍යාඥයින් හඳුන්වා දී ඇත.
එල් නිනෝ ක්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර ඇතිවන ප්‍රබල එල් නිනෝ තත්ත්වය චන්ද්‍රිකා ඡායාරූපවල පවා මීට පෙර සටහන් නොවූ අන්දමට සටහන් වී තිබීම විශේෂත්වයක්.
මේ හේතුවෙන් ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප්‍රදේශයකට මහා ජල ගැලීම් ඇතිවිය හැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
මීට පෙර එවැනි ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වාර්තාවූයේ 1998 වසරේදියි.