26 Apr 2015
ප්රබල දේශපාලකයන් 5ක් ළඟදීම අත්අඩංගුවට
ඉදිරි දින කීපය ඇතුළත තවත් ප්රබල දේශපාලකයන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව නීතිය සහ සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.
පසුගිය රජය සමයේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ අක්රමිකතා සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ කටයුතුවලදී හෙළි වන තොරතුරු අනුව විධිමත් පරීක්ෂණයකින් පසුව එලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව ඔහු ප්රකාශ කර තිබේ.
ඇමැති ජෝන් අමරතුංග මහතා ‘දිවයින’ පුවත්පත සාකච්චාවකට එක්වෙමින් එබව සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගැනීමට අදහස් කරන පිරිස අතර හිටපු ඇමැතිවරුන් මෙන්ම සුවිශේෂී ගණයේ රජයේ නිලධාරීන් ද සිටින බව හෙතෙම කියා සිටියි.