27 Nov 2014
ප්රභාකරන්ගේ රුව මුල් පිටුවේ
යාපනයේ පලවන උදයන් පුවත්පතේ මුල් පිටුවේ ප්රභාකරන්ගේ ඡායාරූපය සහිතව උපන්දින සුබපැතුමක් පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පුවත් පත බලමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු පහරදී ඇති බවද බිබිසි පුවත් සේවය වාර්තා කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ එවැනි සිද්ධියක් නිවැරදිව ඔප්පු වුවහොත් අදාල අයට දැඩි දඩුවම් ලබා දෙන බවත් කිසිදු පුද්ගලයෙකුට ත්‍රස්තවාදී නායකයෙකු සැමරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත් ය.