ප්‍රභාකරන්ගේ ලේකම් අත්අඩංගුවට

null

මුල්ලිවයික්‌කාල්හිදී ප්‍රහාකරන් සමග සිටි ඔහුගේ ලේකම් බව කියන කුමාරගුරුබරන් තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේ පදිංචිකරුවෙකු වූ කුමාරගුරුබරන් ස්‌විට්‌සර්ලන්තයට පැන යාම සඳහා සිය බිරිය වූ සුදර්ශනී සමග තිරුචි ගුවන්තොටුපළේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීම් වලදී තමා ප්‍රභාකරන්ගේ ලේකම් බව ඔහු පාපොච්චාරණය කර තිබේ.

මොහු යුද්ධයෙන් පසු බෝට්‌ටුවකින් තමිල්නාඩුවට පැනගොස්‌ ඇති අතර මුල්ලිවයික්‌කාල් සටනේදී ඔහුගේ දකුණු පාදය අහිමි වීම නිසා කෘතීම පාදයක්‌ සවිකර තිබූ බව රහස්‌ පොලිස්‌ නිලධාරීහු හෙළිකර තිබේ.

මොහු සතු ගමන් බලපත්‍රයද ව්‍යාජ එකක්‌ යෑයිද අනාවරණය වී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>