25 Jul 2015
ප්රභාකරන් පණ පිටින් අල්ලාගත් බව මං කීවේ නෑ
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන් රජයේ හමුදා විසින් ජීවග්රහයෙන් අල්ලාගත් බවත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාට බාරදී දැඩි ලෙස වධහිංසාවට ලක්කොට ඝාතනය කළ බවට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉන්දීය මාධ්‍යකට පවසා ඇති බවට පසුගිය දින වල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය.
ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි සහ ඇතැම් වෙබ් අඩවිවල ප්‍රවෘත්තියක් ලෙස මෙම පුවත ප්‍රචාරය වී තිබුණි.
මේ පිළිබඳව වීඩියෝවක් නිකුත් කරමින් අදහස් දක්වා ඇති විනයාගමූර්ති මුරලිදරන් ප්‍රකාශ කරන්නේ එම පුවත අසත්‍ය බවත්, තමන් කිසිදු මාධ්‍යයට ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් ය.
එසේම මාධ්‍ය නිදහස අයුතු ලෙස යොදාගනිමින් මෙවැනි අසත්‍ය දේ ප්‍රකාශයට පත්නොකරන ලෙස තමන් සියලුම මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව ද මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියි.
එම වීඩියෝව පහතින්…