ප්‍රභාකරන් මැරුණේ හිසට වෙඩි තබාගෙනයි

null

හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

‘පුදියතලමුරෙයි‘ ඉන්දීය රූපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම ප්‍රභකාරන්ගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරකන් මියිගිය බවත්, ඔහුගේ පුතා අත්අඩංගුවට පත්වූ බවත් හෙතෙම පවසා තිබේ.

වේලුපිල්ලේ ප්‍රභාකරන් තමා කුඩාකාලයේ සිට හොඳින් දන්නා පුද්ගලයෙකු බැවින් ඔහු හමුදාවට හසුවීමට කිසිවිටෙකත් ක්‍රියා නොකරනු ඇති බවත්, එම නිසා තමාගේම පිස්තොලයෙන් වෙඩි තබාගෙන වේලුපිල්ලේ ප්‍රභාකරන් සියදිවි හානි කරගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

“කොටි සංවිධානයේ හමුදාව භාර සේනාධිපති හැටියට මා කටයුතු කළා. නෝර්වේ සාම සාකච්ඡාවලදී ෆෙඩරල් ක්‍රමයට යෑම ගැන මම අවධාරණය කළා. ඇන්ටන් බාලසිංගම් ඒකට පොඩි බියක් දැක්වූවා. ශ්‍රී ලංකාවේ පැවැති අවසාන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට උදව් කළා. මා කිසි දිනක එල්ටීටීඊ සංවිධානය පාවා දුන්නේ නෑ. අවසන් යුද්ධයේදී ඔවුන් අනුගමනය කළ යුද්ධ ක්‍රමය නිසයි පරාජයට පත්වුණේ. ඔවුන් සටන්කාමීන් සියලු දෙනා එක් ස්ථානයක සටන් වැදීමට නොයොදවා ගරිල්ලා ක්‍රමය අනුගමනය කළා නම් ජයග්‍රහණය අත් කරගන්නවා පමණක් නෙමෙයි ජනතාවත් බේරා ගැනීමට හැකි වෙනවා. කොටි නායකයින් වන පුලිදේවන්, නඩේසන් යන අයට වෙඩි වැදී මැරුණා. ප්‍රභාකරන් එවිට පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබා ගන්නට ඇති බව මම විශ්වාස කරනවා. ඇත්තටම ප්‍රභාකරන් පණ පිටින් හමුදාවට අහුවෙන්න කැමැති නෑ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>