ප්‍රියංකා චොප්රාට අයත් ගොඩනැගිල්ලේ Sex ජාවාරමක්
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට අයත් ගොඩනැගිල්ලක් අයතා කටයුතු සඳහා යොදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුම්බායි නගරයේ ඇයට අයත් Vastu Precinct නම් ගොඩනැගිල්ලේ එක් කොටසක පවත්වාගෙන ගිය ‘Charisma Spa’ රූපලාවන්‍යාගාරය පසුගියදා ඉන්දීය පොලිසිය විසින් වටලා තිබේ.
එහිදී ලිංගික ජාවාරමට යොදාගැනීමට සැරසුන කාන්තාවන් තිදෙනෙකු බේරාගෙන තිබෙන අතර එම රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය කළමණාකරුවා වූ ‘දිනේෂ් චන්ද්‍රකාන්ත්’ නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් රූපලාවන්‍යාගාරයේ හිමිකරුවා වන මනික් සෝනි නම් පුද්ගලයා පොලිසියෙන් සැඟව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සොයාගැනීමෙන් පසු මේ සම්බන්ධව ඔහු භාරයේ ඇති රූපාලාවන්යාගාරයේ ලියකියවිලි පරික්ෂා කිරීමෙන් අනතුරුව පි‍්‍රයංකාට එරෙහිව කි‍්‍රයාකරන බව පොලිසිය පවසා ඇත.
ඔහුට එම කොටස කුලී පදනම මත ලබා දී ඇති අතර මෙම ගොඩනැගිල්ලේ හිමිකාරිනිය වන්නේ ප්‍රියංකා චොප්රායි. ඇයගේ මවට අයත් වෛද්‍ය සායනයද මෙම රූපලාවන්‍යාගාරයට යාබදව පවත්වාගෙන ගොස් ඇත.